මාලිමාව මැතිවරණයක් ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
08

මාලිමාව මැතිවරණයක් ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක

මාලිමාව මැතිවරණයක් ඉල්ලා විරෝධතා ව්‍යාපාරයක

ජනමතයට ඉඩදෙනු - පළාත් පාලන මැතිවරණය වහා පවත්වනු යන මැයෙන් ජාතික ජනබලවේගය විසින් උද්ඝෝෂණ මාලාවක් අද (08) සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

 

එහි පළමු උද්ඝෝෂණය අද දිනයේදී රාජගිරිය මැතිවරණ කොමිසම ඉදිරිපිට සිදුකිරීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළ අතර එම උද්ඝෝෂණය සදහා ජාතික ජනබලවේගය නියෝජන කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයින් සහභාගී වීමට නියමිතය.

 

පළාත් පාලන මැතිවරණය පවත්වන තුරු මෙම විරෝධතා වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 

"අද අපි රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටින් සාමාකාමී උද්ඝෝෂණයක් පවත්වනවා. විශේෂයෙන්ම ජාතික ජනබලවේගය හැටියට අපි මේක පවත්වන්නේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් එකතුවෙලා. මේ වනවිට ආණ්ඩුව දින නියමයක් නැතුව පළාත් පාලන මැතිවරණය කල්දාලා තියෙනවා. මැතිවරණය කල්දානකොට ඉදිරිපත් කරපු හේතුව තමා මුදල් නෑ. ආර්ථිකය අමාරුයි කියන එක. නමුත් අද ආණ්ඩුව අනිත් හැම කටයුත්තකදීම ආර්ථිකය ශක්තිමත් වෙලා, රුපියල ශක්තිමත් වෙලා ආදි වශයෙන් පම්පෝරි ගහනවා. ආණ්ඩුවට සල්ලි නැතිවෙලා තියෙන්නේ මැතිවරණ තියන්න විතරයි. අපි විශ්වාස කරනවා මැතිවරණ කොමිසමට විශාල වගකීමක් තියෙනවා. ස්වාධීන මැතිවරණ කොමිසම අද ස්වාධීන නෑ කියලා පේනවා. පළාත් පාලන මැතිවරණය පවත්වන්න අවශ්‍ය කටයුතු වහාම සුදානම් කරන්න කියන බලකිරීම තමා අපි කරන්නේ. ආණ්ඩුව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් මේ සම්බන්ධයෙන් අපි රට පුරා මේක පවත්වන්න කටයුතු කරනවා. වාරණ නියෝගයක් ගැන නම් අපි දැනුවත් නෑ. කොහොමත් ඉතින් පොලීසියේ මහත්තුරු ඒක කරනවානේ. සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදියට ඒ අය වාරණ නියෝගයක් ගන්නවා. ඒක පොලීසියේ කටයුත්තක්. උද්ඝෝෂණ කරන එක අපේ වැඩක්."

views

533 Views

Comments

arrow-up