හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් සී.අයි.ඩී.යට පැය 03ක ප්‍රකාශයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් සී.අයි.ඩී.යට පැය 03ක ප්‍රකාශයක්

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් සී.අයි.ඩී.යට පැය 03ක ප්‍රකාශයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැය 03ක ප්‍රකාශයක් ලබාදී තිබේ.

 

ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙන් එම ප්‍රකාශය ලබා දී තිබුණි.

 

අධිකරණ නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවසට ගොස් පෙරේදා (06) දිනයේ මෙම ප්‍රකාශය සටහන් කරගෙන තිබුණි.

 

views

210 Views

Comments

arrow-up