බෙහෙත් ගේන්න රට යන්න කෙහෙළියට අවසර

මෙරටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා විදේශ ගතවීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට කොළඹ මහාධිකරණය විසින් අවසර ලබාදී තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ලබන 21 වනදා සිට මැයි 20 වනදා දක්වා විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අවසර ලබා දී තිබේ.
මෙරටට ඖෂධ මිලදී ගැනීමේ කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විදේශගත වන බව ඔහුගේ නීතිඥවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් මෙලෙස ඔහුට පනවා තිබු විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කර තිබේ.
198 Views
Comments