මට තොප්පි දෙකක් තියෙනවා

තමාට තොප්පි දෙකක් තිබෙන අතර එම තොප්පි දමාගත් විට මේ මොහොතේ මැතිවරණයක් පැවැත්වීම සුදුසුද?නැද්ද? යන කාරණය පිළිබඳව මත දෙකක් ඇති වන බව එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.
පළමුවැනි තොප්පිය වන එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක තොප්පිය දමා ගත් විට එක්සත් ජාතික පක්ෂය ඕනම වෙලාවක මැතිවරණයකට සූදානම් බව තමාට දැනෙන්නේ යැයි කී සාගල රත්නායක මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙසත් ජාතික ආරක්ෂක උපදේශක ලෙසත් තමාට තිබෙන තොප්පිය දමා ගත් විට තමාට දැනෙන්නේ රට මැතිවරණයකට සූදානම් වීම සදහා සඳහා සුදුසු තත්ත්වයක නැති බව යැයි පැවසීය.
233 Views
Comments