පාරට එන්නත් බෑ කතිරෙ ගහන්නත් බෑ

ජනතාවට තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පාරට බහින්න ඉඩ දෙන්නේ නැති ආණ්ඩුව ඔවුනට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා කතිරය ගැසීමටත් අද ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
රනිල් වික්‍රමසිංහ ගහන සියලු දහම්ගැට පරාජයට පත් කරන බවද ඔහු කීවේය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
ගේම් වලින් බලයට ඉන්න උත්සාහ දරන අගමැතිවරයා ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත් ජනතාවට එරෙහිව ගේම් ගැහුවොත් ජනතාවත් අනිවාර්යෙන්ම ගේම් එකක් දෙන්නේ යැයි ස්ථිර බවත් ඔහු පැවසුවේය.
187 Views
Comments