“තව වසර 20ක් ජනාධිපති රනිල්” - අකිල විරාජ්

පළාත් පාලන මැතිවරණය ප්‍රතිඵලය කුමක් වුවත් ඉදිරි අවුරුදු දෙකක කාලයේද ජනාධිපති ධුරය දරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කරයි.
පවතින ආර්ථික ගැටළු විසඳා වසරක් වගේ වැනි කාලයක් ඇතුළත වැඩපිළිවෙල ක්‍රියාත්මක කළහොත් ජනාධිපති වරණයක් කැදවීමේ හැකියාව ඇතැයි ද හෙතෙම පැවසීය.
ඉන් පසු වූ වසර දහයක් හෝ විස්සක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන්ම කටයුතු කිරීමේ හැකියාව ඇති බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග සිරිකොත මූලස්ථානයේ පැවැති හමුවක් අමතමිනි.
210 Views
Comments