ගෝධා තවම ගෙදර ගිහින් නැ..ගෙදර යවල තියෙන්නෙ මම විතරයි - රනිල්

තරුණයන්ගේ නැගිටීම වර්තමානේ දේශපාලන ඉතිහාසයේ විශාල පෙරළියක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ, සමාජ මාධ්‍ය හරහා විශේෂ ප්‍රකාශයක් කරමින්.
ඔවුන්ගේ නැගිටීම සම්ප්‍රදායික දේශපාලඥයින් පිළිගත යුතු බවයි ඔහු පවසන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා,
“මේක වර්තමාන දේශපාලන ඉතිහාසයේ විශාල පෙරළියක්. මේක තමයි ළඟදී විශාලතම අපි දැකපු කණ්ඩායම. බස් නැතිව එක පණිවිඩයකින් ආවේ. ඉතාම සාමකාමීව පණිවිඩයක් දෙන්න ආවේ. නුවරත් තිබුණා. අනිත් තැන්වලත් තිබුණා. මෙතන බලය තහවුරු කළා.
දැන් ඉදිරියට ඇවිත් තියෙන්නේ මේ කණ්ඩායම. ජනපතිතුමාට ඉල්ලා අස්වෙන්න කිව්වා. ප්‍රතිචාරයට සෑහිමකට පත්වුණේ නෑ. මේක පටන් ගත්තේ මධ්‍යම පංතියේ ව්‍යාපාරයක් ලෙස. ඉදිරියට ආවේ තරුණයින්. තරුණයන් කියන්නේ අපිට අපේ අනාගතය හදලා දෙන්න කියන්නේ. නැත්නම් අපි කරන්නම් කියන පණිවිඩය තමයි ඒ අය කියන්නේ.
තරුණයන් පළමුවෙන්ම කියන්නේ ගෝඨා ගෙදර යන්න කියලා. ගෝඨා තවම ගෙදර ගිහින් නෑ. ගෙදර යවලා තියෙන්නෙ මම විතරයි. ඒ කාලේදී මේ ගැන හිතලා බලන්න මට අවස්ථාව තිබුණා. අලුත් බලකේන්ද්‍ර ඇවිත් තියෙනවා. මේක දේශපාලඥයින්ට වැටහෙන්න ඕන මොකක්ද වෙන්නේ කියලා.
644 Views
Comments