ගෝඨාභයට වාහන 19 ක්, මාසෙ වියදමට ලක්ෂ 9 ක් දීලා. ඒක සුළු ගානක් – බන්දුල

ජනතා අරගලය මැද පලා ගොස් නැවත මෙරටට පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට රජයෙන් වාහන 19ක් ලබාදී ඇති බව වාර්තා වනවා.
මාධ්‍යවේදී අසංක අතපත්තු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව මෙම තොරතුරු ලබාදුන් බව ඔහු ඊයේ (17) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළා.
එම තොරතුරුවලට අනුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ආහාර පාන ඇතුළු වියදම් සඳහා රුපියල් ලක්ෂ 9.50 ලබා දෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට රාජ්‍ය සේවකයන් වැටුප් පවා ගෙවීමට නොහැකි තත්ත්වයක් තුළ මෙවැනි වියදමක් දැරීම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අදාළ මාධ්‍යවේදියා ප්‍රශ්ණ කර සිටියා.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ “මේ පුංචි පුංචි වියදම් දෙස බලන්න කලින් මහා පරිමාණ වියදම් දෙස බැලිය යුතුයි. ඒක තමයි රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ ණය පොලී ගෙවීම්. මේ මහා පරිමාණ විදම්වල කිසිවක් කපාහරින්න පුළුවන්කමක් නෑ. රජයේ සේවකයන්ට වැටුප්, විශ්‍රාම වැටුප්, රාජ්‍ය ණය පොලිය බලන්න. පුංචි පුංචි වියදම් කැපුවා කියල වැඩක් නෑ.
195 Views
Comments