උත්සව සමයට ජනතාවට රෙදි දෙන්න බැසිල්ගේ අවධානය

රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මුදල් අමාත්‍යාංශයේ පසුගිය (11) පැවති අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා ජනාධිතිවරයා විසින් පත්කල කමිටුවේ පළමු රැස්වීම අමතමින්.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ, ඒ මගින් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම රජයේ අපේක්ෂාව බවයි.
අදාල රැස්වීමේ වැඩි අවදානයක් යොමුව ඇත්තේ එළැඹෙන උත්සව සමයේදී රෙදිපිළි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාව වෙත ලබාදීම පිළිබඳව වන බවත් කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතියද සෙසු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයත් තොග පවතින බවත් ඒ සම්බන්ධව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.
610 Views
Comments