“සජිත් එක්ක බෑ.. මම වෙන ගමනක් පටන්ගත්තා” - පාඨලී ප්‍රසිද්ධියේ කියයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
07

“සජිත් එක්ක බෑ.. මම වෙන ගමනක් පටන්ගත්තා” - පාඨලී ප්‍රසිද්ධියේ කියයි (VIDEO)

“සජිත් එක්ක බෑ.. මම වෙන ගමනක් පටන්ගත්තා” - පාඨලී ප්‍රසිද්ධියේ කියයි (VIDEO)

සමගි ජන බලවේගයේ තනතුරු භාරනොගත්තේ තමා ඇතුළු කණ්ඩායමේ අරමුණු ඒත් සමඟ නොගැළපීම නිසා බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. 

 

යූටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

 

සමගි ජන බලවේගය පක්ෂය නිර්මාණය කිරිමට ද තමන් මූලික වූ බව පවසන හෙතෙම සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පසු නැවත දේශපාලනයට පැමිණි අවස්ථාවේ නව දේශපාලන බලවේගයක් නිර්මාණය කොට එහි නායකත්වය සඳහා ඔහුව යෝජනා කිරීමට පුරෝගාමී වූයේ තමන් බවද පවසයි.

 

නමුත් පසු කාලීනව සමගි ජන බලවේගය පක්ෂය සමඟ තම කණ්ඩායමේ අරමුණු නොගැලපෙන බැවින් 43 වන සේනාංකය සමඟ වෙනම දේශපාලන මගකට අවතීරණය වීමට තමා ඇතුළු කණ්ඩායම තීරණය කළ බවත් පාඨලී චම්පික මහතා සඳහන් කලේය.

 

මෙරට දේශපාලනයේ කඳවුරු නොමැති බව පවසන ඔහු තමන් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින්නෙකු මිසක නායකයන් පසුපස ගමන් කරන්නෙක් නොවන බවත් අවධාරණය කළේය.

 

කෙසේ වුවත් තමන් සමගි ජනබලවේගය පක්ෂයට එරෙහිව හෝ විරුද්ධව කටයුතු නොකරන බව පවසන චම්පික රණවක මහතා පවසන්නේ රටේ විපක්ෂ කාර්ය භාරය වෙනුවෙන් තමන් ඇතුළු පිරිස සමගි ජන බලවේගය සමඟ කටයුතු කරන බවයි.

 

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීමට රටේ බෞද්ධ ජනතාව මුලා කරමින් ඇතැම් භික්ෂූන් වහන්සේ විසින් ගෙන ගිය අශෝභන වැඩපිළිවෙළ හමුවේ බුදුදහම විනාශ වී ඇති බව පවසන පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා අද වන විට බෞද්ධයෙකු ලෙස නොව කාලි මෑණියන්ගේ නූල දරන පුද්ගලයෙකු වී ඇති බවයි.


රටේ ජනතාව දැඩි ආර්ථික අපහසුතාවලින් පීඩා විඳින මොහොතක බැසිල් රාජපක්ෂ මහතා වැඩ ලක්ෂයක් නමින් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හරහා උත්සාහ කරන්නේ තම දේශපාලන හිතමිතුරන්ට කප්පම් ලබාදීම බවද පාඨලී චම්පික රණවක මහතා මෙහිදී පැවසුවේය.

 

 

 

views

903 Views

Comments

arrow-up