ජනපතිගෙන් හදීසියේ ගැසට්ටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
26

ජනපතිගෙන් හදීසියේ ගැසට්ටුවක්

ජනපතිගෙන් හදීසියේ ගැසට්ටුවක්

 

අවම වශයෙන් සේවා නියුක්තියන් පහළොවක් තම සේවයේ නියුක්තව සිටින සෑම සේවා යෝජකයෙකු විසින් 2023 පෙබරවාරි 01 දින සිට පරිගණක පද්ධතියක් හෝ ජංගම ඉලෙක්ට්‍රෝනික උපාංගයක් හරහා ඉලෙක්ට්‍රෝනිකව දායකත්ව මුදල් ප්‍රේෂණය කළ යුතු බවට ගැසට් නිවේදනයක් මගින් රජය දැනුම් දෙයි.

 

ඒ අනුව, අවම වශයෙන් සේවා නියුක්තිකයන් පහළොවක් තම සේවයේ නියුක්තව සිටින සෑම සේවා යෝජකයෙකු විසින් ම එදින සිට බලපැවැත්වෙන පරිදි ඉලෙක්ට්‍රෝනික මාර්ගයෙන් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලය වෙත මාසිකව වාර්තා ඉදිරිපත් කළ යුතු බව ද එමගින් අවධාරණය කරයි.

 

1980 අංක 46 දරන සේවා නියුක්තිකයන්ගේ භාර මුදල් පනතේ 43 වන වගන්තියෙන් පැවැරී ඇති බලතල ප්‍රකාරව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය 22දා මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 

1981 ජනවාරි 23 දිනැති රජයේ ගැසට් අංක 125හි පළ කරන ලද සේවා නියුක්තිකයන්ගේ භාර මුදල් නියෝග මෙමගින් සංශෝධනය කර ඇත.

views

204 Views

Comments

arrow-up