DEC
20
පුංචි ඡන්දෙට පොහොට්ටුව සූදානම්

පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහජන නියෝජිතයන් ලෙස තම පක්‍ෂය මැතිවරණයට සූදානම් බවත්, එජාපයක් අනිත් පක්‍ෂ සමඟ සන්ධානගත වෙමින් ඊට මුහුණ දෙන ලෙස පක්‍ෂ නායකයන්ගෙන් උපදෙස් ලැබී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.
ඒ අනුව රට පුරා පළාත් පාලන ආයතන වෙනුවෙන් නාමයෝජනා ලබාදීමට සූදානම් බවත්, නාමයෝජනා මණ්ඩල පත්කර ඒ සඳහා කටයුතු කිරීමේ පක්‍ෂ යාන්ත්‍රණ ක්‍රියාත්මක බවත් ඇමතිවරයා කීවේය.
183 Views
Comments