ආණ්ඩු පෙරලූ හැටි අනුර ඉතාලියේදී හෙළිකරයි

රටේ ආණ්ඩු පෙරළිවල දී එම රැල්ල සහ ප්‍රවනතාව නිර්මාණය කළේ විදෙස්ගත ශ්‍රී ලංකා ප්‍රජාව බව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ‘විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩනගමු’ යන මැයෙන් ඉතාලි, මිලානෝ හි පැවති සම්මන්ත්‍රණය සඳහා රැස්ව සිටි පිරිස අමතමින්.
“අපේ රටේ ආණ්ඩුව පෙරළිවල දී ඒ රැල්ල, ඒ ප්‍රවණතාව හැදුවේ විදේශගත ශ්‍රී ලාංකීයන් බව අප කව්රුත් දන්වා. අද මිලානෝ වල මගේ ඉදිරිපිට මේ ශාලාව පිරී ඉතිරී යන විදිහට මෙහි රැඳී සිටින සියලු දෙනාගෙන් එහෙම නව පෙරළිට සූදානම් බව පෙන්නුම් කරනවා. මෙතන ඉන්න අය ඉතාලියට ආවේ, මිලානෝ වලට ආවේ නැවත ලංකාවට යන්න බලාගෙන. නමුත් අන් එහෙම යන්න බෑ. මව බිමට ගියත් ඔබට ආයෙමත් ඉතාලියට එන්න වෙලා තිබෙනවා. ඒ ඇයි කියලා අපි හැමෝම දන්නවා.
233 Views
Comments