DEC
21
ඊළඟ ජනාධිපතිවරණයට ජාතියේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ සටනට

පැවැත්වීමට සුදුසුම මැතිවරණය ජනාධිපතිවරණය බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර පවසනවා.
ඒ අනුව එම ජනාධිපතිවරණයේ ජාතියේ අපේක්ෂකයා ලෙස සහ ජාතිය බේරාගැනීමට හැකි එකම අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන බවයි ඔහු සඳහන් කළේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී ඇති බවත් ඉදිරියේදී පැමිණෙන ජනාධිපතිවරණයේදී ඔවුන් සමඟ එක්ව කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
224 Views
Comments