DEC
26
අගමැති නව තානාපතිවරුන් හමුවෙයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරටට අලුතින් පත්වූ නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් අතර හමුවක් අද (26) අරලියගහ මන්දිරේ දී පැවැත්වුණි.
මෙම සාකච්ඡාව සඳහා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 16 දෙනෙකු සහභාගී වී තිබේ.
ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අපනයනය හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම මෙන්ම නොබැඳි මධ්‍යස්ථ රටක් බවට පත් වූ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම ආදී කරුණු පිළිබඳව එහි දී සාකච්ඡාවට ලක් ව තිබේ.
219 Views
Comments