තරුණයන්ගේ ඉල්ලීම පිළි නොගත්තොත් එය දේශපාලන විප්ලවයක්

තරුණයන්ගේ ඉල්ලීම පිළි නො ගත්තොත් එය දේශපාලන විප්ලවයක් බවට පත් වෙිවි යැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පැවති සාකච්ඡාවකදී පැවසීය.
"අප බලන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ ආණ්ඩු පෙරලියක් කරන්නයි. තරුණයින් බලන්නේ වීදියෙන් දේශපාලන පෙරලියක් කරන්නයි"යනුවෙන් පැවසූ වික්‍රමසිංහ මහතා එය විශාල බලවේගයක් බවත් එක්සත් ජාතික පක්ෂයේ ද එම බලවේග ඉස්මතු වී ඇති අතර වීදියේ සටන් වලට එකතු වීම සඳහා තමා එජාපයේ තරුණ තරුණියන්ට අනුමැතිය දුන් අතර අරගලය සාමකාමීව කරන්නැයි උපදෙස් ලබා දුන් බවද සඳහන් කළේය.
612 Views
Comments