තවත් පනත් 5කට කතානායකවරයාගේ සහතිකය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

තවත් පනත් 5කට කතානායකවරයාගේ සහතිකය

තවත් පනත් 5කට කතානායකවරයාගේ සහතිකය

පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ තවත් පනත් කෙටුම්පත් පහකට  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (17) සිය සහතිකය සටහන් කළේය.

 

 

කතානායකවරයා මෙසේ සහතිකය සටහන් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) සහ පළාත් සභා (මුද්දර ගාස්තු මාරු කිරීමේ) (සංශෝධන) යන පනත් කෙටුම්පත් සදහාය.

 

 

පාර්ලිමේන්තුවේදී පසුගිය  9 සහ  10 යන දෙදින මෙම පනත් කෙටුම්පත් සම්මත විය.

views

733 Views

Comments

arrow-up