ඡන්දය 2024 තෙක් කල් දැමේ????
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ඡන්දය 2024 තෙක් කල් දැමේ????

ඡන්දය 2024 තෙක් කල් දැමේ????

2023 පළාත් පාලන මැතිවරණය අවලංගු කිරීමේ තැතක් ගැන දේශපාලන කරළිය වාර්තා කරන අතර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් භාරගත් නාමයෝජනා අවලංගු වීමේ අවදානමක් පවතින බැවින් ගාල්ල දිස්ත්‍රික්කය තුළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීම වඩා යෝග්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයගුණවර්ධන මහතා කියා සිටී.

 

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ දින පැවති ගාල්ල දිස්ත්‍රික් එජාප පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන්ගේ හමුවක් අමතමිනි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මුදල් අමාත්‍ය ධූරය දරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු රැස්වීමේදී හෙළි කර ඇති පරිදි ඡන්දයට මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමේ කිසිදු හැකියාවක් මහා භාණ්ඩාගාරයට නොමැති බැවින් ඡන්දය 2024 දක්වා කල් දැමීමේ අදහසක් පවතින බවට ඉඟි පළ කොට ඇති බවයි.

 

කෙසේ වෙතත්, මුදල් නොමැති බව පවසමින් රජය විසින් ඡන්දය කල් දැමීමට උත්සාහ කරන බවට දේශපාලන කරළියේ හතරවටින්ම චෝදනා නැගෙ,ඉන් පවතින පසුබිමක මෙහි සත්‍ය අසත්‍යතාව කුමක් ද යන කරුණ පිළිබඳ නුදුරු අනාගතයේදී හෙළි වනු ඇතැයි ආයුබෝ අපි අපේක්ෂා කරමු.

views

183 Views

Comments

arrow-up