ජනතාව අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක සමගි ජන බලවේගය ආරම්භ කළා - විපක්ෂ නායක

ජනතාව අපේක්ෂා කළ සිස්ටම් චේන්ජ් එක සමගි ජන බලවේගය විසින් ආරම්භ කළ බවත් එය සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්ක කරගෙන මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එහි වැදගත්ම අංගය වන්නේ මිනිසා ජීවත් කර හොරකම පරාජය කිරීම බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තවද මෙම වැඩසටහනට වැඩ කිරීමට නොහැකි වාමවාදී සමාජවාදී පක්ෂවල පුද්ගලයන් පිරිසක් විශාල අභියෝග, අපහාස හා උපහාසය කරන බවත් විපක්ෂ නායකවරයා පවසයි.
අද (29) අවිස්සාවේල්ල සීතාවක ජාතික පාසලේ දී රුපියල් ලක්ෂ 50ක් වටිනා බස්රථ පරිත්‍යාගයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් දක්වා තිබුණි.
213 Views
Comments