සජිත්ගේ සල්ගාදු රැළිය මාර්තුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

සජිත්ගේ සල්ගාදු රැළිය මාර්තුවේ

සජිත්ගේ සල්ගාදු රැළිය මාර්තුවේ

මාර්තු මස දෙවැනි සතියේදී අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී මහජන රැළියක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

 

 

සජබ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

 

 

රැළියේ සංවිධාන කටයුතු වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත්කර ඇති අතර මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති සරත් ෆොන්සේකා, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු, හර්ෂ ද සිල්වා ඇතුළු පිරිසකට එහි වගකීම් පවරා තිබේ.

views

590 Views

Comments

arrow-up