චමුදිතගේ ප්‍රහාරය පිටුපස ඇවන්ගාඩ්..?
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
16

චමුදිතගේ ප්‍රහාරය පිටුපස ඇවන්ගාඩ්..?

චමුදිතගේ ප්‍රහාරය පිටුපස ඇවන්ගාඩ්..?

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල කළ ප්‍රහාරය පසුපස ඇවන්ගාඩ් සමාගම සම්බන්ධ වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුනිල් වටගල මහතා සඳහන් කළේය.

 

ඔහු පෙන්වා දෙන්නේ අදාළ ප්‍රහාරය එල්ල කර තැනැත්තන් හොඳින් පුහුණුව ලද අය බවට කැමරා දර්ශන හරහා පැහැදිලි වන බවයි.

 

ඒ මහතා මෙම අදහස් පළ කළේ බත්තරමුල්ල පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

 

මෙම ප්‍රහාරයෙන් පෙනී යන්නේ නැවතත් සුදු වෑන් සංස්කෘතිය රටට හඳුන්වා දී ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක් බවට පත් කිරීමේ උත්සාහයක් ක‍්‍රියාත්මක වන බව යයිද හෙතෙම පැවසීය.

 

 

 

 

 

 

 

sorce:- lanka c news

views

748 Views

Comments

arrow-up