රාජපක්ෂලා සමඟ දේශපාලනය කරන්නේ නෑ – සුදර්ශනී

නැවත කිසිදිනක පොදුජන පෙරමුණ සමඟ හෝ රාජපක්ෂ පවුල සමඟ තමන් දේශපාලනයට සම්බන්ධ නොවන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
2015 වසරේ සිටම තමන්ට රාජපක්ෂ පවුල් දේශපාලනය පිළිබඳ බරපතල කළකිරීමක් පැවති නමුත් පාක්ෂිකයින්ගේ බල කිරීම මත තමන්ට රාජපක්ෂ කදවුර සමඟ සිටීමට සිදු වූ බවත් ඇය සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.
පවතින තත්වය අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද කටයුතු කිරීම ලැජ්ජා සහගත කරුණක් බව පවසමින් සිය ඉදිරි දේශපාලන සැලසුම පිළිබඳ ද මන්ත්‍රීවරිය මෙහිදී අදහස් පල කිරීම විශේෂත්වයක්.
178 Views
Comments