ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලීව සිටිය යුතු බව ජනපති රනිල් පවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
17

ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලීව සිටිය යුතු බව ජනපති රනිල් පවසයි

ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලීව සිටිය යුතු බව ජනපති රනිල් පවසයි

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමේ දී සියලු ම රටවල් සමඟ මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබුණි.

 

ලෝක බලවතුන්ගේ අරගලවල දී එක් පිලකට බෙදී වෙන් නොවී සියලු රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

 

views

185 Views

Comments

arrow-up