ඇමතිකම්වලට පත්කරන්න ජනපතිට යැවූ පොහොට්ටු ලැයිස්තුව මෙන්න

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය තවත් දින කිහිපයකින් කල් යනු ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය වාරික ලබා ගැනීමට අදාළ අනුමැතිය ලැබීමෙන් ලැබීමෙන් පසු නව අමාත්‍යවරු පත්කිරීම සිදුවුණු ඇති බවත් එම අනුමැතිය ජනවාරියේදී ලැබෙනු ඇති බවත් රජය බලාපොරොත්තු වෙයි.
රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, විමලවීර දිසානායක, ගාමිණි ලොකුගේ, එස්.එම්. චන්ද්‍රසේන, සී.බී. රත්නායක, සරත් වීරසේකර, මහින්දානන්ද අලුත්ගමගේ යන අය ඇතුලත් ලයිස්තුවක්ද මේ වන විට පොදුජන පෙරමුණ විසින් ජනාධිපතිවරයාට යවා ඇත්තේ ඇමතිවරුන් ලෙස පත් කිරීමටයි.
දුමින්ද දිසානායක, ජීවන් තොන්ඩමන්, වජිර අබේවර්ධන යන මන්ත්‍රිවරැන්ටද සමගි ජන බලවේගයේ ප‍්‍රබලයෙකුද ඇමති ලයිස්තුවේ ඇතැයිද කියැවේ.
222 Views
Comments