පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
05

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

 

කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

 

මෙි වන විට පොහොර නැව් තුනක් කොළඹ වරායට පැමිණ තිබෙන බවත් එක් නැවක බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 41,876ක් ද අනෙක් නැවේ යුරියා මෙට්‍රික් ටොන් 16,000ක් සහ තවත් නැවක යුරියා මෙට්‍රික් ටොන් 9,300ක් තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

 

මෙම පොහොර සියල්ලම අද (05)සිට ගොවි ජනතාවට බෙදා හරින බවත් හෙක්ටෙයාර් එකකට යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 157.5ක් එක්වර ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසනවා.

views

253 Views

Comments

arrow-up