JAN
18
නාමයෝජනා කැඳවීමෙන් පසුවත් පළාත් සභා ඡන්දය කල් දාන්න පුළුවන් - මහින්ද දේශප්‍රිය

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා කැඳවීම අද (18) පෙරවරුවේ ආරම්භ විය.
කෙසේ නමුත් නාමයෝජනා කැඳවීමෙන් පසුව වුවද පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.
මේ අතර අද (18) මැතිවරණ කොමිසම රැස්ව තිබුණු අතර ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
202 Views
Comments