ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සජබෙ නොනවතින සටනක
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සජබෙ නොනවතින සටනක

ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සජබෙ නොනවතින සටනක

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ යුරෝපා සංගමයේ මෙරට කාර්යාලයට ගොස් සංදේශයක් භාර දුන් බව වාර්තා වේ.

 

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බල කරන ලෙස ඉල්ලමින් ඔහු, මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය ආරක්ෂා කර දීමට රජයට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටී.

 

මන්ත්‍රීවරයා අදාළ සංදේශය මගින් යුරෝපා සංගමය දැනුවත් කර ඇත්තේ මාර්තු 09 වැනි දා ඡන්දය බලාපොරොත්තුවෙන් මහජනතාව මෙන්ම දේශපාලන පක්ෂ මැතිවරණ කටයුතුවල නියැලෙන නමුත් රජය විවිධ චක්‍රලේඛ නිකුත් කරමින් එය පැවැත්වීම කල් දමන බවටයි.

 

මැතිවරණය කල් දැමීමට එරෙහිව ඔවුන් මේ වන විට එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයක් ද මේ කරුණ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති අතර මෙරට සියලු තානාපතිවරුන් හා ජාත්‍යන්තර නියෝජිත ආයතන දැනුවත් කිරීමට ද සැලසුම් කර තිබේ.

views

179 Views

Comments

arrow-up