ජනපතිගේ සාකච්ඡාව පොහොට්ටු දිස්ත්‍රික්ක නායකයින් වර්ජනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
13

ජනපතිගේ සාකච්ඡාව පොහොට්ටු දිස්ත්‍රික්ක නායකයින් වර්ජනය කරයි

ජනපතිගේ සාකච්ඡාව පොහොට්ටු දිස්ත්‍රික්ක නායකයින් වර්ජනය කරයි

ඊයේ (12) පස්වරුවේ ජනාධිපතිවරයා කැඳවා තිබූ සාකච්ඡාවට පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
 

ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ඇතුලු පිරිසක් සාකච්ඡාවක් සඳහා කැඳවා තිබූණි.
 

ඊයේ පස්වරු 6ට පමණ එම සාකච්ඡාව ආරම්භවී තිබූ අතර පැයකට ආසන්න කාලයක් ජනාධිපති කාර්යාලයේ රැදී සිටි මැති ඇමතිවරුන් පිරිසක් පසුව ඉන් පිටව ගියේය.
 

මේ අතර ඊයේ සාකච්ඡාවට දිස්ත්‍රික් නායකයින් සහභාගී නොකිරීමට පොදුජන පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා විය.
 

කැබිනට් අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් කැඳවීමට ජනාධිපතිවරයාට බලය ඇතත්, මීට පෙර පැවති සාකච්ඡාවලදී දිස්ත්‍රික් නායකයින් කැඳවීම පිළිබඳව ජනාධිපතිවරයාට අප්‍රසාදය පළකර ඇති අතර පොදුජන පෙරමුණ දැනුම්දී ඇත්තේ එවැනි සාකච්ඡාවක් සඳහා කැඳවන්නේ නම් පක්ෂය ලෙස දැනුවත් කර එය සිදුකළ යුතු බවයි.
 

එසේ තිබියදී නැවතත් ජනාධිපති කාර්යාලය හරහා දිස්ත්‍රික් නායකයින් අමතා රැස්වීමට කැඳවීම අනුමත කළ නොහැකි බව පොදුජන පෙරමුණේ ස්ථාවරය වී ඇතැයි, අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

views

239 Views

Comments

arrow-up