DEC
30
මහජන මතය සමඟ ගේම් ගහන්න එපා - අනුර කුමාර දිසානායක

මහජන මතය සමඟ ගේම් ගහන්න එපා යනුවෙන් තමා ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් අවධාරණය කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (30) කොළඹ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා මේ බව පවසා තිබුණි.
එසේම එහිදී ඔහු වැඩිදුරටත් පවසා තිබුණේ මැතිවරණ කල් දැමීමට මෙතෙක් දැරූ සියලු ප්‍රයත්න පරාජය කර තිබෙන බව ද නාමයෝජනා කැඳවීමෙන් පසුව එවැනි දෙයකට සූදානම් වුවහොත් එයද අනිවාර්යෙන්ම පරාජය කිරීමට කටයුතු කරන බවයි.
284 Views
Comments