DEC
23
ජනපති සමඟ සාකච්ඡාවට ආරාධනා ලැබුණේ නෑ - සී.වී.විග්නේෂ්වරන්

දෙමළ ජනතාවගේ ගැටළු වලට අදාළ දේශපාලන විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්ගේ සහභාගිත්වයෙන් පෙරේදා (21) දිනයේ සාකච්ඡාවක් පැවැත්වුණි.
එම සාකච්ඡාවට තමන්ට ආරාධනාවක් නොලැබුණු බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසයි.
දෙමළ ජාතික සන්ධානය හරහා සියලු දෙමළ පක්ෂ නියෝජනය නොවන බව ද විග්නේෂ්වරන් මහතා පවසා තිබේ.
191 Views
Comments