DEC
17
ඇමති ටිරාන්ගෙන් පොලිසියට උපදෙස්

මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන් කැඳවා උපදෙස් ලබාදී තිබෙනවා.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ කුරිරු සහ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය විමසා බැලීම සඳහා අමාත්‍යවරයා විසින් එම රැස්වීම ඊයේ (16) පෙරවරුවේ කැඳවා තිබිණි.
164 Views
Comments