විමල්-වාසුටත් ගෝඨාභය ඕනෙ ලු

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංගයට සහය නොදීමට තීරණය කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහි විශ්වාසභංගය ඉදිරියට ගෙන නොයන ලෙස ඔවුන් සමගි ජන බලවේගයට උපදෙස් දුන් බවයි වාසුදේව නානායක්කාර පවසන්නේ.
ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසභංගයක් ගෙන ඒම මේ අවස්ථාවේ යෝග්‍ය නොවන බව ඔවුන්ට හැඟෙන බවත් ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සඳහා 21 වැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බල කරන බවත් ඔහු අවධාරණය කරනවා.
656 Views
Comments