හිතවත් වෘත්තීය සමිති හමු වී ඇමති කාංචන කියූ දේ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
30

හිතවත් වෘත්තීය සමිති හමු වී ඇමති කාංචන කියූ දේ

හිතවත් වෘත්තීය සමිති හමු වී ඇමති කාංචන කියූ දේ

විදුලි හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් හමුව තිබෙනවා.

 

වර්තමානයේ මුහුණ දෙන මෙම ක්ෂේත්‍රයට අදාළ ගැටළු සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා හා වෘත්තීය සමිති සාමාජිකයින් අතර සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

 

මෙම ගැටළු වලට මුහුණ දෙමින් ඉදිරියේදී අඛණ්ඩව ජනතාවට විදුලිය ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

 

ජේෂ්ඨ විදුලි ඉංජිනේරුවන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් අමාත්‍යවරයා විසින් මෙලෙස හමුව ඇති අතර කෙසේ නමුත් අමාත්‍යවරයාට අභියෝග එල්ල කරමින් සිටින විදුලි ඉංජිනේරු සංගමය ඇතුළු ඔවුනට සම්බන්ධ වෘත්තීය සමිති මෙහිදි මුණගැසී නොමැති බවද සදහන්.

 

මෙහිදී අමාත්‍යවරයා මුණ ගැසී ඇත්තේද පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති වීමද විශේෂත්වයක්.

 

views

195 Views

Comments

arrow-up