SEP
17
වාස් ගුණවර්ධනගේ බිරිඳට වරෙන්තු

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ ශාමලී පෙරේරා ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය ඊයේ(16) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ 2009 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යාපනය හදාරමින් සිටි නිපුන රාමනායක සිසුවා පැහැර ගෙන ගොස් පහර දීමේ සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
අදාල නඩුවේ විත්තිකාරියක් ලෙස ඇයව ඊයේ අධිකරණයට කැඳවා තිබුණත් ඇය ඊට පෙනී නොසිටි බැවින් මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් අදාළ වරෙන්තු නිකුත් කර තිබෙනවා.
254 Views
Comments