සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම් කඩිනම් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
17

සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම් කඩිනම් කරයි

සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම් කඩිනම් කරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ වසංගත රෝග මෙන් ම අනෙකුත් රෝග මර්ධනය සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය අගය කළ යුතු බවත් ඔවුන් පසුගිය කාලයේ ජනතාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස අදාළ විෂය භාර අමාත්‍යවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

 

අද (16) දහවල් විපක්ෂ නායක කාර්යාලයේ දී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පිරිසක් සමඟ පැවැති හමුවක් අතරතුර දීවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

 

මෙම සාකච්ඡාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 175 දෙනකු වසර 4කට ආසන්න කාලයක් පුහුණු වීම්වලට සහභාගී නොකරවා ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කළ අතර ඒ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ඔවුන්ට විසඳුමක් ලබා දීමේ අරමුණින් විපක්ෂ නායකවරයා විසින් අදාළ විෂය භාර අමාත්‍යවරයාව දුරකතනයෙන් සම්බන්ධ කර ගන්නා ලදී. 

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය වැදගත් වන බැවින් ඔවුන්ගේ ඉල්ලීම් සලකා බලා අදාළ පුහුණුවීම් සදහා ඉඩපහසුකම් ලබා දෙන ලෙස එහි දී විපක්ෂ නායකවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.

views

227 Views

Comments

arrow-up