BREAKING NEWS : තමන් ඉල්ලා අස්වන බව ජනපති නිල වශයෙන් අගමැතිට දැනුම්දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

BREAKING NEWS : තමන් ඉල්ලා අස්වන බව ජනපති නිල වශයෙන් අගමැතිට දැනුම්දෙයි

BREAKING NEWS : තමන් ඉල්ලා අස්වන බව ජනපති නිල වශයෙන් අගමැතිට දැනුම්දෙයි

පෙර ප්‍රකාශ කළ ලෙස තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම්දී ඇත.

 

අග්‍රාමාත්‍ය කාර්යාලය මේ බව පැවසීය.

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිද්දා එනම් 13 වනදා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බවට කතානායකවරයාට මීට පෙර දැනුම්දී තිබිණි.


ජූලි 9 වනදා පස්වරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණ කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම්දීමට කටයුතු කරනු ලැබ තිබුණු අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත තම ඉල්ලා අස්වීමේ තීරණය දැනුම් දෙන ලද බව කතානායකවරයා පැවසීය.

views

278 Views

Comments

arrow-up