කොහොමහරි වැඩට එන්න වෙන ලකුණු - ජනපති ගැසූ අලුත් ගැසට් එක මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

කොහොමහරි වැඩට එන්න වෙන ලකුණු - ජනපති ගැසූ අලුත් ගැසට් එක මෙන්න

කොහොමහරි වැඩට එන්න වෙන ලකුණු - ජනපති ගැසූ අලුත් ගැසට් එක මෙන්න

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් විසින් එය නිකුත්කොට ඇත. 

 

ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියළු සේවාවන්, ඛනිජ නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර තිබේ.

 

ඊට අමතරව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම, සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළයුතු ඕනෑම විස්තරයක සියලු‍ම සේවා, වැඩ හෝ ශ්‍රමයද එලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත.

 

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගෙන 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතට අනුව මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ ඊයේ(03) දිනයේ සිට බලපැවැත්වෙන පරිදිය.

views

378 Views

Comments

arrow-up