ගෙදර ගෑස් ඉවරයි, දර කඩන්න කැලයට ගිය එක්දරු පියා හක්කපටස් පුපුරා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
27

ගෙදර ගෑස් ඉවරයි, දර කඩන්න කැලයට ගිය එක්දරු පියා හක්කපටස් පුපුරා මරුට

ගෙදර ගෑස් ඉවරයි, දර කඩන්න කැලයට ගිය එක්දරු පියා හක්කපටස් පුපුරා මරුට

නිවසේ භාවිතා කළ ගෑස් අවසන් වීම හේතුවෙන් පවුලේ අය සමඟ දර කඩන්නට ගිය හම්බන්තොට සමර‍කෝන් වැව ප්‍රදේශයේ පුද්ගලයෙකු හක්කපටස් පිපිරීමෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි.  

 

මෙලෙස මියගොස් තිබෙන්නේ හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරදි දිලිප් චාමර නම් එක්දරු පියෙකි.

 

ඔහු පවුලේ අය සමඟ සමරකෝන් වැව ආසන්නයේ ඇති වන භූමියට ගොස් ඇත්තේ ආහාර පිසීමට දර කඩාගෙන ඒමටයි.

 

දර කඩමින් සිටින අතර මිය ගිය අයගේ බාල සොහොයුරා කැලයේ තිබු ගුලියක් වැනි යමක් දැක එය අහුලා වැඩිමහල් සහෝදරයාට දී ඇති බවත් ඉන් අනතුරුව එම ගුලිය කුමක්දැයි මිය ගිය තරුණයා පරීක්ෂා කරනවාත් සමඟම එය පිපිරී ඇතැයි පොලීසිය කියයි.

 

හක්ක පටස් ගුලිය පිපිරීමත් සමඟම දිලිප් චාමර තුවාල ලබා එම ස්ථානයේදීම මිය ගොස් ඇත.

 

මිය ගිය දිලිප් චාමර ධීවරයෙකු බවත් ඔහු ඊයේ(26) දින මුහුදු ගොස් නිවසට පැමිණි අයෙකු බවත් පෙලීසිය කියයි.

 

හම්බන්තොට සමරකෝන් වැව ප්‍රදේශය වන අලි බහුලව වෙසෙන ප්‍රදේශයක් වන අතර එහි වෙ‍සෙන සමහර වගාකරුවන් වන අලින් මැරීමට හක්ක පටස් වන භූමිය තුළ දමා ඇතැයි ප්‍රදේශවාසන් පවසයි.

views

290 Views

Comments

arrow-up