පන්සලේ ගෑස් සොරකම ඉන්ධන පෝලිමේදී මාට්ටු
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

පන්සලේ ගෑස් සොරකම ඉන්ධන පෝලිමේදී මාට්ටු

පන්සලේ ගෑස් සොරකම ඉන්ධන පෝලිමේදී මාට්ටු

යාල, අම්පිටිගල පුරාණ විහාරයේ පසුගියදා ගෑස් සිලින්ඩරය කිසියම් පුද්ගලයෙකු විසින් සොරකම් කර ඇත.

 

එම සොරකම කළ පුද්ගලයා එදින සවසද පැමිණ කුඩා ගෑස් සිලින්ඩරය සහ තණකොළ කපන යන්ත්‍රයද සොරකම් කිරීමට උත්සාහ දරා තිබෙන අතර එම අවස්ථාවේදී එහි අසල පාරේ ගමන් කර සිටි දායක මහත්මයෙක් දැක කතා කිරීමේ සැකකරු පළා යාමත් සමඟ ඔහු හඳුනා ගැනුනත් අල්ලා ගැනීමට හැකිවී නොමැත.

 

කෙසේවුවත් විහාරාධිපති හිමි මෙම සිද්ධිය පොලිසියට පැමිණිලි කර තිබෙන අතර පසුව පොලිසිය අද(20) අඟු‍‍රුවාතොට ඉන්ධන පිරවුම්පලේ තෙල් ලබා ගැනීමට පෝලිමේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් පුද්ගලයා 24 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු හෙට(21) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

306 Views

Comments

arrow-up