අරන් යන ගමන් මහ මගදී බවුසරයෙන් තෙල් ඇද්ද රියැදුරාට හා සහයකයාට වූ දේ මෙන්න

මඩකලපුව ප්‍රදේශයට ඩීසල් ප්‍රවාහනය කළ බවුසරයකින් ඩීසල් ලීටර් විස්සක් හොර රහසේ විකිණීමට තැත්කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි රියදුරා හා සහායකයා අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය පවසයි.
කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ බටලීය පෙදෙසේදී බවුසරය පාර අයිනේ නවතා එම රියේ ඉන්ධන ටැංකියෙන් මෙලෙස ඩීසල් ප්‍රමාණයක් ඉවතට ගනිමින් සිටියදී පොලිසිය දැක මෙම වැටලීම කර තිබේ.
සැකකරුවන් රැගෙන යමින් තිබූ ඉන්ධන වලින්ද මේ ආකාරයට ඉන්ධන සොරා ගෙන ඇත්දැයි සොයා බලන බවත් පොලිසිය කියයි.
308 Views
Comments