JUN
27
ඇමැති ප්‍රසන්නගේ ගෙට පහරදුන් මහාචාර්ය හිමියෝ පොලිසියට බාර වෙති

ගම්පහ, උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසට පසුගිය මැයි මස 09 වැනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස පොලීසියට බාරවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ධම්මජින්න නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසුව ගම්පහ මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව පොලිස් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
284 Views
Comments