“මගේ වාහනේටවත් තෙල් නෑ, අනුරට නම් රට වටේ යන්න තෙල් තියෙනවා”‍ - ඇමති කාංචන
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
04

“මගේ වාහනේටවත් තෙල් නෑ, අනුරට නම් රට වටේ යන්න තෙල් තියෙනවා”‍ - ඇමති කාංචන

“මගේ වාහනේටවත් තෙල් නෑ, අනුරට නම් රට වටේ යන්න තෙල් තියෙනවා”‍ - ඇමති කාංචන

මේ මස 10 වැනිදා සිට ජනතාවට බාධවකින් තොරව ඉන්ධන ලබාගත හැකි යැයි බලාපොරොත්තු වන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරයි.

 

ජනතාවට ආර්ථික වශයෙන් සිදු වූ හානියට සහ සිදුවූ අපහසුතාවට නැවත වරක් සමාව ඉල්ලා සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ඇනවුම්කර තිබෙන ඉන්ධන තොග එළැඹෙන 08 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බව කී අමාත්‍යවරයා ඉන් පසු අඛණ්ඩව ඉන්ධන ලැබුණහොත් මාසයකට ප්‍රමාණවත් බවත් කීවේය.

 

මේවන විට බලශක්ති ඇමති වන තමන්ගේ වාහනයට පවා ඉන්ධන ටිකක් ලබා ගැනීමට අපහසු වුව ද අනුර කුමාර දිසානායකට අනුරාධපුර, හම්බන්තොට ආදී සෑම ප්‍රදේශයකටම යාමට ඉන්ධන ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

views

281 Views

Comments

arrow-up