මෛත්‍රීපාල අලි ගැටලුවක

වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටි හස්තීන් තිදෙනෙක්, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටියදී ලබාදුන් නියෝගයක් මත බාහිර පාර්ශ්වයකට පැවරීම නීත්‍යනුකූල නොවන බවට වූ චෝදනාවකට අදාළ නඩුවක කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (26) කැඳවනු ලැබීණි.
ජනාධිපති මන්දිරයේ තිබූ මෙම සිද්ධියට අදාල ලිපි ගොනුව අස්ථානගත වී ඇති බවට එහිදී හෙළිදරව් විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ ජනාධිපති අතිරේක ලේකම් කිංස්ලි ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම පවසා ඇත්තේ මුල් ලිපිගොනු පරික්ෂා කිරීමකින් තොරව ප්‍රකාශයක් ලබාදිය නොහැකි බවයි.
මුල් ලිපිගොනු නොමැති බව පවසමින් ඇඟ බේරා නොගෙන, විධිමත් ලෙස විමර්ශනයක් සිදු කොට අදාල පුද්ගලයින්ගෙන් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මෙහිදී කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් විමර්ශන නිලධාරීන්ට නියෝග කරන ලද බැව් වාර්තා වේ.
236 Views
Comments