පොසොන් සමයේ මගී ප්‍රවාහනයට අමතර බස් සහ දුම්රිය යොදවයි

මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන මෙවර ජාතික පොසොන් උත්සවය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දීමට නගරය කේන්ද්‍ර කොට ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන සූදානමින් සිටී.
මැයි මස 31 වන දා සිට ජූනි මස 6 වන දා දක්වා පොසොන් සතිය ඇරඹෙයි.
අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන අතර පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10 ක් අලුතින් එක් කිරීමට නියමිත බව සඳහන් වේ.
අවශ්‍යතාව මත තවදුරටත් දුම්රිය සේවාවන් එක් කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අතිරේක බස් රථ 400ක් අනුරාධපුරය දිස්ත්‍රික්කය පුරා මෙවර පොසොන් උත්සව සමයේ යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.
තවත් බස් රථ සියයක් සූදානම් කොට තබන බව එම අධිකාරය වැඩිදුරටත් පැවසීය.
මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිමට මෙවර බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කරයි.
189 Views
Comments