කම්කරු නීති සංශෝධනයට යෝජනා

මහජන අදහස් ලබාගැනීමෙන් පසුව බවත් අමාත්‍ය මනුෂ අවධාරණය කළේ සංශෝධනය වන කම්කරු නීති සම්බන්ධයෙන් කිසිදු ලේඛනයක් මෙතෙක් සකස් කර නැති බවත් එවැනි ලේඛනයක් සකස් කරන ලෙසත්ය.
එයට ඉන්ෆ්ලක්ස් නමින් විවෘත වේදිකාවක් සකස් කර ඇත. කම්කරු නීති සංශෝධනය පිළිබඳ මාධ්‍යයට ගොස් කරුණු කීමට පෙර මෙම වේදිකාවට පැමිණ කරුණු කියන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.
දැනට පවතින කම්කරු නීතිවලින් කම්කරුවා ආරක්ෂා නොවන බව ඔහු පෙන්වා දෙනු ලබයි.
සේවා ස්ථානය තුළ වෙනස් කොට සැලකීම, සේවා ස්ථානය තුළ ලිංගික හිංසනය, ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමානව වැටුප් ගෙවීමට අදාළ ප්‍රතිපාදන සකස් කිරීම, ආයතනයක් ප්‍රතිසංවිධානය කිරීමේදී සේවකයින්ට වන්දි ගෙවීම, සේවකයින් අඩු කිරීම, කාන්තාවන්ට අතිකාල සේවය සහ රාත්‍රී සේවය කිරීමේදී මතුවන තත්ත්වයන්, ජාත්‍යන්තර කම්කරු නීති යටතේ පැය 24ක් තුළ සේවය කළ හැකි කාලය නිර්ණය කරගැනීම ඇතුළු කරුණු ස සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුකාරී තත්ත්වයන් විසඳා ගැනීම පිළිබඳව නව කම්කරු නීති සකස් කිරීමේදී අවධානය යොමුකරන බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.
240 Views
Comments