JAN
24
නීතිවිරෝධීව මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් මීගමුවෙන් සොයා ගැනේ

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,105කට අධික තොගයක් මීගමුව දුන්ගාල්පිටිය ප්‍රදේශයේ දී සොයා ගෙන තිබේ.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහාය ද ඇතිව මීගමුව දුන්ගාල්පිටිය කලපු ප්‍රදේශයේ නිවසක සිදු කළ මෙහයුමක දී මෙම බීඩි කොළ තොගය සොයාගෙන ඇත.
එහි දී සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
238 Views
Comments