JAN
17
වකුගඩු ජාවාරමට අදාළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක වකුගඩු ජාවාරම් කිරීමේ සිද්ධියේ ප්‍රධාන තැරැව්කරු සහ ඊට අනුබල දුන් කොළොන්නාව සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවලට අයත් ග්‍රාම සේවා වසම් දෙකක ග්‍රාම නිලධාරීන්වරුන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (16) ආමර්වීදිය – ලොන්ඩ්‍රිවත්ත ප්‍රදේශයේ ප්‍රධාන තැරැව්කරු මෙම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
182 Views
Comments