වහාම වසන්ත එළියට දාන්න

2022 අගෝස්තු 18 වනදා සිට අත්අඩංගුවට ගෙන ඇති අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ශිෂ්‍යයාව අත්නෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහා අවසන් කළ යුතු බව මානව හිමිකම් සංවිධාන 7ක් අද (17) ප්‍රකාශ කර තිබෙනවා.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය), මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA), CIVICUS, පෙරටුගාමී ආරක්ෂක සංවිධානය, හියුමන් රයිට්ස් වොච්, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම, සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය යන සංවිධාන 7 මෙම ලිපිය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ අගෝස්තු 21 වනදා සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්සන් කරන ලද නියෝගයකට අනුව රඳවාගෙන සිටිනවා.
එම සංවිධාන 7 මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදී පනත යනු අවලංගු කිරීම සඳහා රජය දීර්ඝ කාලයක් තිස්සේ පොරොන්දු වූ කුරිරු නීතියක් බවයි.
203 Views
Comments