JAN
17
ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 75ක් ඉන්දියාවට

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 75ක් ලංකා ඉන්දියානු තෙල් සමාගමට පරිහරණය කළ හැකි වන ලෙස වසර 50ක කාලයක් බදු දීමට ඉල්ලා කැබිනට් අනුමැතිය යෝජනාවක් තිබෙනවා.
ඒ අවට ඇති බිම් කොටස් හා ඒවා අනුබද්ධිත අනු කොටස් මේ අනුව නිදහස් කර ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ලබන 19 වනදා ඉන්දීයා විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතාගේ දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙහි ගිවිසුම් අත්සන් කිරීමට බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
192 Views
Comments