ලිට්‍රෝ ගෑස් මිල ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
06

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලෝක වෙළඳපොළේ ගෑස් මිල ගණන් ඉහළ යෑමට සාපේක්ෂව ලිට්‍රෝ සමාගමේ ගෑස් සිලින්ඩරවල මිල ද ඉහළ දමා තිබේ.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (06) දින සිට රුපියල් 80කින් ඉහළ දමා තිබේ.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,360 කි.

 

එසේ ම කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 30කින් ද කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල 15කින් ඉහළ දමා තිබේ.

 

ඒ අනුව ලිට්‍රෝ සමාගමේ කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,750ක් වන අතර කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 815ක් වේ.

 

views

261 Views

Comments

arrow-up